Tuesday, November 4, 2014

- නළලේ කෙටූ ඔබ - පළමු දිගහැරුම

මේක හෙන කාලෙකට කලින් උන සීන් එකක්. එදා සතියෙ දවසක් නිසා ගෙවල් පැත්තෙ එකෙක්වත් ගෙදර නැ ඔක්කොම වැඩට ගිහින් මම විතරක් කාලකන්නියෙක් වගේ ගෙදර. හරි හේතුවක් හොයාගන්න බැරි උනත් මට උදේ ඉඳලා වස විස ටිකක් හලාගන්නකම් නිවනක් උනේ නැ. චීත්ත සීන් අරවා මේවා නොතිබුනත් මට ඕන උනෙම බොන්න. පර්ස් එක බැලුවා ඇතුලෙ බර්මියුඩා ත්‍රිකෝණයක්. ටිකක් වෙලා හිතුවා කොහොමද බොන්නෙ කියලා මතක් උනා වැව ගාව තියෙන ක්ලබ් එක. ක්ලබ් එක මතක් උන ගමන් ඇතුලෙ ඉන්න අඳුරන එකෙක්වත් මතක් උනා වාසනාවකට. ගත්තා කෝල් එකක් ගැම්මට

මන් සඳුනා බැරිවෙයිද මොනාහරි කරගන්න හැබැයි අවුලකට තියෙන්නෙ ෆුල් සූස්ති මචං මේ ටිකේ

ඉදකින් බෙබා. වරෙන් වරෙන්


ඌ එල කිරි ඩයල් එක ඕන දෙයක් ඉල්ලපු ගමන්.  ඇඳගෙන කරගෙන පොර වගේ අරූගේ මාර්ගෙන් ඇතුලට ගිහින් ඌම ගෙනත් දීපු බියර් මග් එකෙන් තනියම පොර වගේ ටේබල් එකකට වෙලා දාගෙන බිබී ගිටියා. ටිකක් හවස් උනා ක්ලබ් එකේ බෑන්ඩ් එක ගහන්න ගත්තා කළුවර වැටුන ගමන්. ලොකු ලොකු ඩයල් ඉතින් නටනවා මී හරක් වගේ. ටිකක් වෙලා යද්දී සුපිරි කෑලි ටිකක් බැස්සා නටන තැනට. උන් නයි වගේ අර කවදාවත් දැකල නැති නාකි උන් එක්කත් වෙලිලා නටනවා. මට ඒක හෙන අප්පිරිය දර්ශනයක්. මටත් ගානට සූර් උන ගමන් සල්ලි නැති සීන් අර සීන් මේ සීන් ඔක්කොම අමතක කරලා දාලා ග්ලාස් එකත් අරගෙන ටේබල් එක ළඟ ඉඳන්ම කැරකි කැරකි බෑන්ඩ් එක ගහන තැනට ගිහින් අර හරක් ගාලටම එකතු උනා.

අර සීයක් පොෂ් උන් එක්ක ගම් බට්ටෙක් උන මමත් ඔහේ නටනවා. ඔහේ නටනවා. උගුරක් බොනවා. වැනි වැනි ඔහේ නටනවා. එකපාරට ඔහොම නට නට ඉද්දි කවුරුහරි මගේ අතින් ග්ලාස් එක ඇදලා ගත්තා. මට මල පැනපු පාරා යස්සයෙක් වගේ පිටිපස්ස හැරිලා බැලුවා දෙකක් අනින්න වෙරි මතේ නිසාම. බලද්දී ලස්සන කෙල්ලෙක්. පෙනුමෙන් අහිංසකයි ඒ උනාට මට මැවිලා පෙනුනෙ දවසකට එක එක ජාතියෙ මිනිස්සු එක්ක නිදාගන්න බඩුවක්ව. ඒකි මගේ මූණ දිහා බලාගෙනම ඉන්නවා පුංචි පූස් පැටියෙක් කෑම ටිකක් දෙනකම් බලාගෙන ඉන්නවා වගේ. ඒකිගෙ කටින් පිට උනේ " යං " කියන වචනේ විතරයි මම කතා කරන්න වචන මතක් කරන්නත් කලින් මාව ඇදගෙන ක්ලබ් එක ඇතුලෙ රූමස් තියෙන පැත්තට එක්කන් ගියා. මමත් වෙරි මතේ නිසා ඔහේ ගියා මාන්දං කාරයෙක් වගේ. ඒක මචන් ක්ලබ් එකේ අඳුරු පැත්ත. ආයෙ අමුතුවෙන් ඒ තැන විස්තර කරන්න ඕන නැනෙ. මාව ඇඳකට තල්ලු කරලා ඒකි ආයෙත් මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා මගේ ඉස්සරහ හිටගෙන අහිංසක විදිහට.

ගලවන්නද ?

මොනාද ?

ඉන්නකෝ පෙන්නන්න..

මොනා පෙන්නන්නද, මගේ ළඟ සල්ලි නැ

මන් හිතුවෙ ඕක කියපු ගමන් ඒකි දමලා ගහලා මටත් කුණුහරපෙන් බැනලා යයි කියලා. මොකක්දෝ මංදා ආස්චර්යයකට ඒක එහෙම උනේ නැ ඒකි මන් කියපු ඒවා ඇහුනෙ නැ වගේ. හයි හීල්ස් දෙක ගලවන්න ගත්ත. මට ඔය සීන් එක අල්ලපු නැති නිසා අනික ඔවයේ තියෙන ලෙඩ ගැන දන්න නිසා ඒකිගෙ අතින් ඇදගෙන ඇඳට ඇදලා අරගෙන ටිකක් වෙලා හිටියා තරහා මූඩ් එකක් දාගෙන. මම බනින්න ගත්තා. ඇයි බන් අහිංසකයි වගේ ඉඳලා කරන වැඩ.

ඇයි තමුසෙ මේ වගේ තැනක මේ වගේ දේවල් කරන්න පෙළඹුනේ අත පය වෙහෙසලා වැඩක් කරගන්න බැරිද තමුන්ට ?

ඒකි ඒ කතාව අහපු ගමන් අර අහිංසක මූඩ් එක තවත් අහිංසක පැත්තට හැරුනා. කඳුළු බින්දු එක දෙක වැටෙනවා ඒකිගෙ උකුලට. ඒකි අඬන්නෙ නැ ඇඩෙනවා. ගලවපු හයි හීල්ස් දෙකත් ආයෙ දාගෙන ඒකි මන් හිටපු තනුන් නැගිටලා යන්න හැදුවා ආයෙත් මම ඒකිගෙ අතින් අල්ලලා ඇදලා ඉස්සෙල්ල වගේම වාඩි කෙරෙව්වා. ඒකි ආයෙත් බිම බලාගෙන ඉන්නවා. ඒකිගෙ මූනෙ කතා ගොඩක් ලියවිලා තිබ්බත් ඒවා කියාගන්න බැරුව ඉන්නවා වගේ හැගීමක් මන් දැක්කෙ. ටිකක් වෙලා ඉඳලා ඒකි හොඳ හුස්මක් අරගෙන කතා කරන්න ගත්තා. මමත් අහගෙන හිටියා.

ඔයා කවුද කියලා කියන්න මම දන්නෙ නැ. ඒත් මට ඔයාව දැක්ම මට මගේම කෙනෙක් වගේ දැනුනෙ. මන් නමින් සුරනි. සුරනි හේමමාලි. මන් මෙහෙ නෙමේ කොළඹින් ගොඩක් දුර පලාතක කෙල්ලෙක්. මට තාම 21යි උනාට බැඳලා පොඩි දූ පැටියෙක් ඉන්නවා..

ළමයෙකුත් ඉද්දි මෙහෙම ?

ඔව් මහත්තයො මේක මගේ කරුමෙ. ඔයා හිතනව ඇති මම සතේට විකිනෙන බඩුවක් වෙන්න ඇති කියලා. කමක් නැ මගේ කතාව අහලම හිතේ තියෙන දේ කියන්න. මගේ මිනිහා ඒ කියන්නෙ මාව මේ තැනට දාපු එකා දැන් ඉන්නෙ රට. අවුරුදු දෙකකට කලින් ඌ රට ගියා ගියාමයි අද වෙනකම් කතාවක් නැ. ගිය මුල් මාස ගානේදී සල්ලි එව්වා ගෙවල් කුලී ගෙවන්න. අපේ කියලා ගෙයක් නැ අම්මලට හොරෙන් පැනලා ඇවිත් බැන්දෙ. ඒ කාලෙ ආදරේ කියන කුහක වචනෙට බොළඳ වෙලා ගත්තු තීරණ වල ඝනකම තමයි මේ. ගෙවල් අයිතිකාරයා මාස ගානක් තිස්සෙ ඇවිල්ලා කෑගගහා යනවා කුලිය ගෙවන්න බැරිනං ගේ දෙන්න කියලා. ඒ මනුස්සයගෙ ගේ අපිට බලෙන් ඉන්න බැරි නිසා දුවත් එක්කම ආයෙත් අපේ මහා ගෙදරට ආවා. ගෙදරට ගියපු ගමන් මට ගහලා තාත්තා එලවගත්තා දුවව තියාගෙන. මම අසරණයි මහත්තයො. දුව ගැන මට බයක් නැ අම්මලා එයාව හොඳින් බලාගනී. මාව එලවපු දා රෑම මම කොළඹ ආවා රස්සාවක් හොයාගෙන. හැම තැනම හොයාගෙන ගියත් ඕලෙවල් විතරක් පාස් නිසා රස්සා තියා එලේවල් කරේ නැ කියල අහපු ගමන් එලවනවා. තනිකර දවසක්ම හෙව්වත් රස්සාවක් හම්බුනෙ නැ. මහා රෑ පාරෙ ඇවිද ඇවිද ඉද්දි කවුද මන්දා මිනිස්සු ටිකක් මාව බලෙන්ම වෑන් එකක දාගෙන මෙහාට එක්කන් ආවා. උන් මහා සක්කිලි ටිකක් මගේ ඇඟට අත නොතිබ්බට උන්ගෙ මූණුවල තිබුනෙ " උඹට ගැලවීමක් නැ " කියන වචන ටික. ඇත්ත මට ගලවෙමක් නැ උන් කිව්වා උඹට කන්න දෙනවා බොන්න දෙනවා මාසෙට ලොකු ගානක් දෙනවා ඇති තරම් සැපේ ඉන්න පුලුවන් හැබැයි මේකට එන කස්ටමස්ලටත් සැප දීලා. ආත්ම ගරුත්වය බල්ලට දාලා මම උන්ට කැමති උනා. අද මගේ ෆස්ට් නයිට් එක මන් තාම මගේ මිනිහා එක්ක විතරයි රැයක් ගතකරලා තියෙන්නෙ. ඉතින් මොන දෙයියන්ගෙ උවමනාවකටද මන්දා මම ඔයාගෙ අත ඇල්ලුවෙ මුලින්ම. ඉතින් ඕකයි මගේ කතාව. දැන් මට කියනවද මහත්තයො මට වෙන විකල්පයක් තියෙනවද කියලා මේක ඇරෙන්න.
ඒකිගෙ කතාව ඇහුවම අපි මේ ගෙවන සෙල්ලක්කාර ජීවිත මොකක්ද කියලා හිතුනා. සල්ලි නැති කමට මේ වගේ ලස්සන කෙල්ලෙක් අද වැටිලා ඉන්න තැන. මට පිස්සු වගේ.

මහත්තයො මම යන්නං අපිව බලාගන්න අය මව දැක්කොත් පලවෙනි පඩියෙන් කීයක් කැපෙයිද දන්නේ නැහැ..

ආයෙත් මගේ ලඟින් නැගිටලා එහෙ මෙහෙ උන ඇඳුම හරිගස්සගෙන එයා යන්න නැගිට්ටා. මට ඒ වෙලේ මැවිලා පෙනුනෙ තාම මිනිස්සු දෙන්නෙක් එක්ක නිදාගෙන නැති කෙල්ල මෙතනින් එහාට ගිහින් අසහනෙන් පෙලෙන සල්ලි කාරයෙක් එක්ක අකමැත්තෙන් උගේ ආශාවන්වලට ඉඩ දෙන හැටි. මට මේ වගේ කෙල්ලෙක්ට මෙතන පල් වෙන්න දෙන්න හිත දුන්නෙම නැ. තුන්වෙනි සහ අන්තිම පාරටත් මම ඒකිව ඉස්සෙල්ලා වගේම අතින් ඇදලා මගේ ලඟින් වාඩි කෙරෙව්වා. ඒත් ඉස්සෙල්ලා පාරවල්වලට වඩා ගොඩක් තදින් මගේ ළඟටම. ඒත් ඒකි බිම බලාගෙන කඳුළු පිහිදානවා. පිහිදානවට වඩා කඳුළු බිම වැටෙනවා.
කෙල්ලට ඒකිගෙ කඳුළු පාලනේ කරගන්න බැ මන් ඒකිව ලඟට අරගෙන මගේ උරහිසෙන් තියාගෙන ඔලුව අතගෑව පූසෙක්ගෙ වගේ. ඔය පලවෙනි කෙල්ල මම ඔච්චර ආදරෙන් ළඟට ගත්තු. කෙල්ල මටත් තුරුල් වෙලා ඉන්නවා කිසි බයක් නැතුව. ඒ ඒකිගෙ නළලේ මගේ නම කොටලා තිබුන නිසා වෙන්නැති.

අපේ ගෙදරින් මට මේ ටිකේ මගුලක් හොය හොයා හිටියෙ. මට මොන මගුල්ද මම හැමදාම කට්ටි පැන්නා. අම්මලා කතා කරන කරන දවසට මම ගෙදර නැ. බැරිම තැන තමා අම්ම කිව්වෙ උඹට කැමති එකක් හොයාගෙන කියපන් කියලා. මට හිතුනා සුරනිව මගේ ජීවන සහකාරී කරගන්න. ඒක ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙන වැඩක් උනත් මට මේ කෙල්ල හිතට වැදුනා ආයෙ ගලවගන්න බැරි විදිහට. ඒකිත් මම කියන ඕන දෙකට කැමති වෙන සයිස් එකක හිටියෙ. එතනින් හොරෙන්ම එක්කන් ගිහින් අපේ ගෙදර ගෙනිච්චා. අම්මට මන් ඇත්ත කතාව කියපු දවසේ ඉඳන් එකදිගට සතියක් කන්දොස්කිරියාවක් තිබුනට කාලයත් එක්ක සුරනිව අපේ අම්මගේ හිතට ඇල්ලුවා. සීදේවි කෙල්ල මගෙත් එක්ක බලද්දී රූපෙන් අහසයි පොලවයි වගේ. මගේ රටක් වටින ගොන් මොලේ පාවිච්චි කරලා සුරනිගේ දූ පොඩ්ඩත් අපේ අම්මලට පෙන්නන්න ගෙන්නගත්තා. දුවව ගෙන්න ප්‍රිසන් බ්‍රේක් වගේ ප්ලැන් එකක් ගැහුවට ප්ලැන් එකේ හොඳ කමට එදා දුවත් එක්කම සුරනිගේ අම්මලත් ආවා පස්සෙන්. මට හිතුනේ එදා තුන්වෙනි ලෝක යුද්දේ පටන්ගත්තවත්ද කියලා. නැ මන් හිතුවද වඩා ඒ මනුස්සයො බුද්ධිමත්.

අපි හැමෝගෙම වාසනාවකට එදා ඔක්කොම උනේ අපේ හොඳට දෙගොල්ලො කතා කරලා වුන සීන් එක පහදගත්තා. ඒ සතියෙම නැකතක් බලලා මගුල ගත්තා සැරට. ඉතින් ක්ලබ් එකක නළඟනක් වෙන්න ගියපු ලස්සන කෙල්ලෙක් අද මගේ නීත්‍යානුකූල බිරිඳ. කවද කොහොම වෙයි කියලා හිතපු දේවල්ද. එදා මම බේබද්දෙක් වගේ බොන්න හොයාගෙන නොගියනං සුරනිලගෙ ගෙදරින් එයාව ගහලා පැන්නුවෙ නැත්තං අද මම අමු කාලකන්නියෙක් ඒකි නගර සොබනියක්. මට මෙච්චරයි කියන්න තියෙන්නේ අන්තිමට මචං කාලයා උඹනං මාර පොරක් බං..

තුන්වෙනි එකෙන් හම්බෙමු

Saturday, October 4, 2014

කරුමක්කාර කන්‍යා - ( මාවම කන්න ආපු එකී )

එදා මහ මූසල දවසක්. මන් පස්සේ කියන්නං ඇයි මූසලා කියලා. මුළු දවසම වහැලා වහැලා උදේ පාන්දර නැගිටගන්න බැ හීතලේ මයිල් කෙලින් වෙලා. වෙලාව 6ට විතර ඇති. මයිල් ටික ශේප් එකේ පල්ලෙහාට දාගෙන කෙලින් උන අනික් ඒවත් එහෙම්මම පල්ලෙහාට දාගෙන ගස් කොලන් ටිකක් දිහා බලලා හිත සැහැල්ලු කරගන්න කියලා දොරත් ඇරගෙන එලියට බැස්සා. එයා නමින් කන්‍යා. එයාගෙ ගෙදර තියෙන්නේ අපේ ගෙට හරියටම ඉස්සරහා. මන් එලියට ගිය ගමන්ම දැකපු ඒ සුන්දර දසුන නිසා තමා මගේ දවස මූසල උනේ. ඊරි යකා වගේ කොන්ඩෙ කඩාගෙන එක අතකින් නයිටිය අස්සට අත දාගෙන ෆුල් වෙර දාලා කස කස අනික් අතින් නාහෙට ඇඟිල්ල ගහ ගහා කටේ දාගෙන රහ බලනවා. උඹලම කියහන් ඔය වගේ සීන් එකක් දැක්කම දවස මූසල වෙන්නෙ නැද්ද කියලා. මන් මුකුත් දැක්කේ නැ වගේ අනික් පැත්ත හැරිලා දඩාස් ගාලා හයියෙන් දොර වහගෙන නානකාඹරේට ගිහින් දත් මදින්නත් කලින් ඇස් දෙක රින්සො දාලා හොදගත්තා. අර සීන් එක දැකල මගේ ඇස් දෙක එලියට පනින්න වගේ වේදනාවක් ඒ වෙලේ දැනුනෙ. කොහොමහරි ඒකි දක්කෙ නැ මන් ඒකිව දැක්කා කියලා.

Wednesday, October 1, 2014

- මන් පොඩි කාලෙ - ( කෙල්ලක්ගේ කතාවක් )

යස්සනියේ ඔය රෙදි ටික ගනින් වැලෙන් පොදයක් යනවා පේන්නෙ නැද්ද. 
කොයි වෙලාවෙත් ඔය ලාටු මූණෙ මොනාහරි උලාගත්තු ගමන් ඉන්නෙ. 
තොගේ ලැට් මූණ බලන්න කොල්ලෝ ගෙදට්ට එන්නෙ නෑ යකෝ ගිහින් රෙදි ටික ගනින්..

අපේ අම්මා මට හරි ආදරෙයි. 
ආදරේ කන් දෙකෙන් බේරෙනවා.
පේනවනෙ ඉතින් මමත් එයාලට හරි ආදෙරෙයි.
ඉස්කෝලෙ යන කාලෙ 7 වසරේදී කොල්ලෙක්ට කොස්සෙන් නෙලපු දවසේ ඉඳන් අම්මලා මන් ගැන හොයනවා වැඩි.
ඒක කමක් නැ ඒත් එදායින් පස්සෙ කොල්ලෝ මගේ පස්සෙන් එන එකත් අඩුයි.
ඒකනං මට ලොකු ප්‍රශ්නයක්. 
මාත් එක්ක එකට යන යාලුවන්ට උන් නම්බර් දෙනවා මට දෙන්නෙ නෑ. 
කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවම එච්චර කැතකුත් නැ. 
අනේ මන්දා ඒ උනාට කොල්ලො මට බෙදන්නෙ වෙනම හැන්දකින්. 
අනේ නෑ මට එච්චරම මෝලක් නැහැ. 
ඒත් කොල්ලෙක් පස්සෙන් එනවට බස් එකක ජැකක් සෙට් වෙනවට මොන කෙල්ලද අකමැති. 
ඒවා වැඩක් නෑ. 
මම හොඳ මීටරයක්. පංතියේ එක මම. 
ඒ නිසා කොච්චර දරුණු ඝණයේ අපරාද කරත් ටීචර්ලගෙන් මට හෙන සැලකිලි.