එදා මහ මූසල දවසක්. මන් පස්සේ කියන්නං ඇයි මූසලා කියලා. මුළු දවසම වහැලා වහැලා උදේ පාන්දර නැගිටගන්න බැ හීතලේ මයිල් කෙලින් වෙලා. වෙලාව 6ට විතර ඇති. මයිල් ටික ශේප් එකේ පල්ලෙහාට දාගෙන කෙලින් උන අනික් ඒවත් එහෙම්මම පල්ලෙහාට දාගෙන ගස් කොලන් ටිකක් දිහා බලලා හිත සැහැල්ලු කරගන්න කියලා දොරත් ඇරගෙන එලියට බැස්සා. එයා නමින් කන්‍යා. එයාගෙ ගෙදර තියෙන්නේ අපේ ගෙට හරියටම ඉස්සරහා. මන් එලියට ගිය ගමන්ම දැකපු ඒ සුන්දර දසුන නිසා තමා මගේ දවස මූසල උනේ. ඊරි යකා වගේ කොන්ඩෙ කඩාගෙන එක අතකින් නයිටිය අස්සට අත දාගෙන ෆුල් වෙර දාලා කස කස අනික් අතින් නාහෙට ඇඟිල්ල ගහ ගහා කටේ දාගෙන රහ බලනවා. උඹලම කියහන් ඔය වගේ සීන් එකක් දැක්කම දවස මූසල වෙන්නෙ නැද්ද කියලා. මන් මුකුත් දැක්කේ නැ වගේ අනික් පැත්ත හැරිලා දඩාස් ගාලා හයියෙන් දොර වහගෙන නානකාඹරේට ගිහින් දත් මදින්නත් කලින් ඇස් දෙක රින්සො දාලා හොදගත්තා. අර සීන් එක දැකල මගේ ඇස් දෙක එලියට පනින්න වගේ වේදනාවක් ඒ වෙලේ දැනුනෙ. කොහොමහරි ඒකි දක්කෙ නැ මන් ඒකිව දැක්කා කියලා.
බර වචන නැ ලොකු තේරුම් නැ. මේවා කියවලා ඔයා හිනා හිනා වෙයි. මටත් ඕන ඒක විතරයි. මනුස්සයෙක්ව හිනාගස්සන්න ඇත්නං ඊට වඩා දෙයක් තියේද. මටනං නැ. ඉතින් බලන්න. එච්චරයි..
Saturday, October 4, 2014
Wednesday, October 1, 2014
- මන් පොඩි කාලෙ - ( කෙල්ලක්ගේ කතාවක් )
යස්සනියේ ඔය රෙදි ටික ගනින් වැලෙන් පොදයක් යනවා පේන්නෙ නැද්ද.
කොයි වෙලාවෙත් ඔය ලාටු මූණෙ මොනාහරි උලාගත්තු ගමන් ඉන්නෙ.
තොගේ ලැට් මූණ බලන්න කොල්ලෝ ගෙදට්ට එන්නෙ නෑ යකෝ ගිහින් රෙදි ටික ගනින්..
අපේ අම්මා මට හරි ආදරෙයි.
ආදරේ කන් දෙකෙන් බේරෙනවා.
පේනවනෙ ඉතින් මමත් එයාලට හරි ආදෙරෙයි.
ඉස්කෝලෙ යන කාලෙ 7 වසරේදී කොල්ලෙක්ට කොස්සෙන් නෙලපු දවසේ ඉඳන් අම්මලා මන් ගැන හොයනවා වැඩි.
ඒක කමක් නැ ඒත් එදායින් පස්සෙ කොල්ලෝ මගේ පස්සෙන් එන එකත් අඩුයි.
ඒකනං මට ලොකු ප්‍රශ්නයක්.
මාත් එක්ක එකට යන යාලුවන්ට උන් නම්බර් දෙනවා මට දෙන්නෙ නෑ.
කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවම එච්චර කැතකුත් නැ.
අනේ මන්දා ඒ උනාට කොල්ලො මට බෙදන්නෙ වෙනම හැන්දකින්.
අනේ නෑ මට එච්චරම මෝලක් නැහැ.
ඒත් කොල්ලෙක් පස්සෙන් එනවට බස් එකක ජැකක් සෙට් වෙනවට මොන කෙල්ලද අකමැති.
ඒවා වැඩක් නෑ.
මම හොඳ මීටරයක්. පංතියේ එක මම.
ඒ නිසා කොච්චර දරුණු ඝණයේ අපරාද කරත් ටීචර්ලගෙන් මට හෙන සැලකිලි.

Subscribe to:
Posts (Atom)